(incubating) | The Free and Open Productivity Suite
Announcing Apache OpenOffice 3.4

ආයුබෝවන්! OpenOffice සිංහල (Sinhala) ව්‍යාපෘතියට ඔබව සාදරයෙන් පිළිගනිමු.


OpenOffice.org ශ්‍රී ලාංකීය ප්‍රජාව - Sri Lankan Community.

OpenOffice කාර්‍යයාලීය යෙදුම් මෘදුකාගය භාවිත කරන ශ්‍රී ලාංකීය ප්‍රජාව මෙම උදුම් කට්ටලය තවදුරටත් ව්‍යප්ත කිරීමට සහ සහාය වීම සඳහා ශක්තිමත් ප්‍රජාවක් ගොඩනගමින් සිටි. ඔබටත් මේ සඳහා එක් වීමට අවස්තාව ඇත. ඔබේ දැනුම අලුත් කරගැනීමටත්, අන් අය සමඟ ඔබේ වටිනා දැණුම බෙදා ගැනීමට අප හා එක් විය හැක.
මේ සඳහා ඔපන්ඔෆිස් ප්‍රජාවේ ගුගල් සමූහය හරහා ඔබට සම්බන්ද විය හැක.


නිදහස් සහ විවෘත කේත මෘදුකාංග භාවිතයක් කරා රටම යන මේ ගමනේදි එන්න පෙරට!


OpenOffice සිංහල (Sinhala) 3.2 තත්ත්ව පිරික්සුම් වැඩමුළුව. 2010-03-25

OpenOffice සිංහල (Sinhala) 3.2 නිකුතුවේ තත්ත්ව පිරික්සුම් වැඩමුළුවක් 2010 මාර්තු මස 25 වැනි දින නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතේ පිහිටි ඉක්ටා ආයතනයේදි දවස පුරා පැවැත් වුණි. ශ්‍රී ලංකා OpenOffice ප්‍රජාව සංවිධානය කළ මෙම වැඩසටහන ඉතා සාර්ථකව නිමා වූ අතර එහිදි වැදගත් දෝෂ කිහිපයක් හදුනා ගත් අතර, අදාල දෝෂ සඳහා අවශ්‍ය කටයුතු දැන් සිදු කෙරෙමින් පවති. මෙම ප්‍රජා වැඩමුළුව සඳහා අවශ්‍ය ඉඩ පහසුමක්, ආහාර සහ ප්‍රවාහණ පහසුකම් ඉක්ටා ආයතනය මඟින් සපයා දෙන ලඳි. මෙම වැඩසටහනේදි වින්ඩෝස්, ලිනක්ස් මෙහෙයුම් පද්ධති දෙක මතම පිරික්සීම් සිදු වූ අතර ග්නූ/ලිනක්ස් පද්ධති සඳහා RPM සහ DEB අනුකූල පද්ධති දෙකම පරීක්ෂාවට භාජනය විය. මෙහිදි මූලික වශයෙන් සිදු වුයේ OpenOffice සිංහල (Sinhala) 3.2 හි Writer, Calc, Impress, Base, Draw සහ Math හි දෝෂ හදුනා ගැනිමයි. මෙම කාර්යයට OpenOffice ප්‍රජාව නියෝජනය කරමින් 12 දෙනෙකු සහ ඉක්ටා ආයතනයේ සේවක මහතුන් තිදෙනෙක්ද සහබාගී විය. ඉදිරියේදි නිකුත් වීමට නියමිත >OpenOffice සිංහල (Sinhala) 3.2.1 ඉලක්ක කරගනිමින් අදාල දෝෂ නිවැරදි කිරිමේ කටයුතු දැන් සිදුවෙමින් පවතී.


- OpenOffice සිංහල ප්‍රජාව -

Apache Feather

Copyright & License | Privacy | Contact Us

Apache and the Apache feather logos are trademarks of The Apache Software Foundation. OpenOffice.org and the seagull logo are registered trademarks of The Apache Software Foundation. Other names appearing on the site may be trademarks of their respective owners.

Apache OpenOffice is an effort undergoing incubation at The Apache Software Foundation (ASF), sponsored by the Apache Incubator. Incubation is required of all newly accepted projects until a further review indicates that the infrastructure, communications, and decision making process have stabilized in a manner consistent with other successful ASF projects. While incubation status is not necessarily a reflection of the completeness or stability of the code, it does indicate that the project has yet to be fully endorsed by the ASF.