(incubating) | The Free and Open Productivity Suite

ආයුබෝවන්! OpenOffice සිංහල (Sinhala) ව්‍යාපෘතියට ඔබව සාදරයෙන් පිළිගනිමු.

නිදහස් සහ විවෘත මෘදුකාංගයක් වන OpenOffice කාර්‍යයාලීය යෙදුම් මෘදුකාගය ඔබට නොමිලේම ලබාගත හැක. ඔබේ සියලුම ලිපි සංස්කරණ කටයුතු (Word Processing), (Spread Sheet), ඉදිරිපත් කිරීම් (Presentation) සහ දත්ත සමුදාය (Database) අවශ්‍යතා සඳහා මෙම මෘදුකාංග භාවිතා කළ හැක. මේ වන විට OpenOffice මෘදුකාංගය සිංහල බසට පරිවර්තන කටයුතු අවසන් කර ඇත. දැනට මූලික සෝදුපත් බැලීමේ ක්‍රියාවලිය සිදුවෙමින් පවතින අතර නුදුරු දිනකදි ඇල්ෆා නිකුතුවක් ලෙස අප OpenOffice මෘදුකාංගයේ සිංහල නිකුතුත් කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මෙය වින්ඩෝස්, ලිනක්ස් සහ මැක් යන මෙහෙයුම් පද්ධති තුන සඳහාම නිකුත් වේ.


පාසැල් ඇතුළු සියලු අධ්‍යාපනික ආයතන, රාජ්‍ය සහ පෞද්ගලික යන ඕනෑම අංශයක භාවිතය සඳහා නොමිලේම යොදාගත හැකි මෙම මෘදුකාංගය ඔබට හැකි පමණ සේවකයින්, මිතුරන් අතරේ වුවද නොමිලේම බෙදා දිය හැක. අති විශාල මුදලක් විදේශීය සමාගම් වලට පවරා දීම සඳහා ඔබත් මැලිකමක් දක්වනවා ද? නිදහස් ලොවක් කරා පියනැගීමට ඔබත් කැමතිද? එසේ නම් රැදි සිටින්න...


ඉංග්‍රිසි බසින් OpenOffice ලබා ගැනීමට.

වැදගත්: මෙම මෘදුකාංගයේ සිංහල නිකුතුව පමණක් නොව සියලුම නිකුතු නොමිලේම ලබා ගතහැකි බව කරුණාවෙන් සලකන්න.
දැනට නිම කෙරෙමින් පවතින පරිවර්තන ප්‍රජාවේ අදහස් ලබා ගැනීම සඳහා මෙහි අඩංගු කර ඇත.

OpenOffice සිංහල (Sinhala) 3.2 නිකුතුව.

OpenOffice සිංහල (Sinhala) 3.2 නිකුතුව මේ වන විට තත්ත්ව පිරික්සුම් සඳහා යොමු වී ඇති බව අප ඉතා සතුටින් දන්වා සිටින්නෙමු. අදාල කටයුතු අවසන් වූ වහාම මෙම පිටුව හරහා ඔබට එය ඉතා පහසුවෙන් ලබා ගැනීමට හැකි වනු ඇත.


OpenOffice සිංහල තත්ත්ව පිරික්සුම් වැඩමුළුව - OpenOffice Sinhala QA Workshop 2010

OpenOffice සිංහල (Sinhala) 3.2 නිකුතුවේ තත්ත්ව පිරික්සුම් වැඩමුළුවක් 2010 මාර්තු මස 25 වැනි දින නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතේ පිහිටි ඉක්ටා ආයතනයේදි දවස පුරා පැවැත් වේ. ශ්‍රී ලංකා OpenOffice ප්‍රජාව සංවිධානය කරන මෙම වැඩසටහන සඳහා අවශ්‍ය ඉඩ පහසුමක්, ආහාර සහ ප්‍රවාහණ පහසුකම් ඉක්ටා ආයතනය මඟින් සපයා දේ. මෙම වැඩසටහනේදි වින්ඩෝස්, ලිනක්ස් මෙහෙයුම් පද්ධති දෙක මතම පිරික්සීම් සිදු කෙරේ. තවද ග්නූ/ලිනක්ස් පද්ධති සඳහා RPM සහ DEB අනුකූල පද්ධති දෙකම පරීක්ෂාවට භාජනය වේ. මෙම කාර්යයට OpenOffice ප්‍රජාව නියෝජනය කරමින් 12 දෙනෙකු පමණ සහබාගී වේ. 2010 මාර්තු මස 25 වැනිදා උදැසන 8.30 සිට සවස 4.00 දක්වා මෙම වැඩසටහන පැවැත් වෙන අතර මෙහිදි මූලික වශයෙන් සිදු කෙරෙන්නේ OpenOffice සිංහල (Sinhala) 3.2 හි Writer, Calc, Impress සහ Base හි ඇති දෝෂ පිරික්සීමයි. තවද මෙහිදි හදුනා ගන්නා ගැටලු ඉදිරියේදි නිකුත් වීමට නියමිත OpenOffice සිංහල (Sinhala) 3.2.1 නිකුතුවේ දි විස දීමට බලාපොරොත්තු වේ.

- OpenOffice සිංහල ප්‍රජාව -

Apache OpenOffice is an effort undergoing incubation at The Apache Software Foundation (ASF), sponsored by the Apache Incubator. Incubation is required of all newly accepted projects until a further review indicates that the infrastructure, communications, and decision making process have stabilized in a manner consistent with other successful ASF projects. While incubation status is not necessarily a reflection of the completeness or stability of the code, it does indicate that the project has yet to be fully endorsed by the ASF.

Copyright & License
Apache and the Apache feather logos are trademarks of The Apache Software Foundation. OpenOffice.org and the seagull logo are registered trademarks of The Apache Software Foundation. Other names appearing on the site may be trademarks of their respective owners.